බොන්න වතුර ඉල්ලුවම වෙඩි තිබ්බ අයට ජනතාව ඡන්දය දෙන්නෙ නෑ ! | Colombocall බොන්න වතුර ඉල්ලුවම වෙඩි තිබ්බ අයට ජනතාව ඡන්දය දෙන්නෙ නෑ ! - Colombocall

Hot News

බොන්න වතුර ඉල්ලුවම වෙඩි තිබ්බ අයට ජනතාව ඡන්දය දෙන්නෙ නෑ !





මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ,ඔවුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් ජනාධිපති වීමෙන් පසුව ද පෙනී සිටිමින් ඔවුන්ගේ ජීවත්වීමේ ගැටලු වලට සාධනීය විසදුම් ලබා දෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (2) රතුපස්වල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ප්‍රකාශ කළේය..

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා,

“මේ ප්‍රදේශයේ ජනතාව ඉල්ලුවේ පිරිසිදු පානීය ජලය පාරිභෝජනය කිරීමේ අයිතිය.ඒ අවස්ථාවේ බලධාරීන් හා රජය පොදු ජනතාවගේ පානීය ජල අයිතියට වඩා ප්‍රමුඛතාවය දුන්නේ ආයතනයේ අයිතීන් හා වරප්‍රසාද වෙනුවෙන්. පොදු ජනතාව මහපාරට බැහැලා උද්ඝෝෂණයක් සිදුකරන විට රටක පාලකයෙක් කල යුත්තේ පොදු ජන හඩට සවන් දීම. ඒ උද්ඝෝෂණයට හේතුවු කරුණු කාරණා සොයා බලා,උද්ඝෝෂණයේ සාධාරණත්වයක් තිබෙනවා නම් ජනතාව සමග පුලුල් සංවාදයකට එළඔ ප්‍රශ්නය විසදීමට කටයුතු කිරීම සංවේදී රාජ්‍යපාලකයෙක් කළ යුතුයි.

නමුත් ඒ අවස්ථාවේ බල උන්මාදයෙන් , හැමදාම බලයේ ඉන්නවා යැයි සිතාගෙන, මුලු රටේම සින්නක්කර අයිතිය තම පවුලට ඇති බව සිතාගෙන පොදු ජනතාවට අංශු මාත්‍රයකවත් වටිනාකමක් ලබා නොදී මර්ධන කාරී ප්‍රතිපත්තියක් අනුගමනය කළා.ජනතාවට තර්ජනය කළා.අවසානයේ ඒ මර්ධනය තුළ ජීවිත තුනක් අහිමි වුණා. වතුර ඉල්ලපු මිනිසුන්ට ලැබුණේ ජීවිතය අහිමිවීමයි. ඉදිරියේදිත් සිදුවෙන්න නියමිත මෙවැනි දෙයක්ද..?

රටේ ජනතාව පාලකයෙකු පත්කර ගැනීමේදී සිතිය යුත්තේ මේ පුද්ගලයා ජනතාවට ඇහුම්කන් දෙන පුද්ගලයෙක්ද කියලා. ප්‍රජාතන්ත්‍රවාදී ජනතා අයිතිය අගය කරන පුද්ගලයෙක්ද..? ජනතාවගේ ප්‍රශ්න ගැටලු අවබෝධකරගෙන විසදුම් ලබා දෙන පුද්ගලයෙක්ද කියලා සොයා බැලිය යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ රටේ පුරවැසියන් සියලු දෙනාට මානව අයිතියක් තිබෙනවා. පිරිසිදු පානීය ජල අයිතිය කියන්නේ සෞඛයය සම්පන්න ජීවිතයක් ගත කිරීමේ අයිතිය. රතුපස්වලදී ජනතාව ඉල්ලුවා ජීවත් වීමේ අයිතිය,ජල අයිතිය.කිසිම දේකට සවන් නොදී තර්ජනය ,මර්ධනය උපයෝගි කරගෙන වටිනා මිනිස් ජීවිත තුනක් අහිමිකළා.

මිනිස් ජීවිත වලට වටිනාකමක් ලබා දුන්නේ නැහැ. මේ වගේ කණ්ඩායමකටද රට භාරදෙන්න යන්නේ. රටේ ආරක්ෂාව සපනවා කියන්නේ මේ කොට්ඨාශයකටද..?” යනුවෙන් සදහන් කළේය.