සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වය සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහය !
මැතිවරණ නිහඩ සමයේ සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරිත්වය ගැන සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් ඒකකයේ සහය මේ වන විට ලබා ගෙන ඇති බව වාර්තා වෙනවා.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මැතිවරණ) සරත් පීරිස් මේ බව සඳහන් කර සිටියා.
ඉදිරි සතියක් යනතෙක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති මෙම වැඩපිළිවෙල තුළින් වෛරී ප්‍රකාශන, මඩ ප්‍රචාර සහ අපහාස කිරීම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කෙරෙන බවයි වාර්තා වුණේ.
මෙම කටයුතු සඳහා තවත් තාක්ෂණික අංශ රැසක සහයෝගය ලබා ගැනීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් ඒකකය පියවර ගෙන තිබෙනවා.