මම බැලුවේ උතුරු නැගෙනහිර ! අනිත්වා නෙමේ | Colombocall මම බැලුවේ උතුරු නැගෙනහිර ! අනිත්වා නෙමේ - Colombocall

Hot News

මම බැලුවේ උතුරු නැගෙනහිර ! අනිත්වා නෙමේ





ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී සජිත් ප්‍රේම­දාස මහතා ජය­ග්‍ර­හ­ණය කිරීමේ වැඩ­පි­ළි­වෙළ අඩාළ කළ බවට එල්ල වන චෝදනා තමා ප්‍රති­ක්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ මහතා පව­සනවා.
එසේම ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා සජිත් ප්‍රේම­දාස මහතා ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා වශ­යෙන් යෝජනා කරනු ලැබුවේ තමන් බවත්, පක්ෂ­වල මතය ද සජිත් ප්‍රේම­දාස මහතා ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා බවට පත් කිරි­මට හේතු වූ බවත් රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන් අතර ඒ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වූවා.
අපි අපේ ප්‍රධාන සාමාජිකයන්ට, ඇමතිවරුන්ට,මන්ත්‍රීවරුන්ට සියළු දෙනාටම එක එක වගකීම් භාරදුන්නා. මම භාරගත්තෙ උතුරු නැගෙනහිර ඡන්ද, ඒ ඡන්ද ප්‍රතිශතය වැඩි කරන්න මට අවස්ථාව ලැබුණා. ඒත් අවාසනාවකට අනෙක් පළාත් හතේ ඡන්ද ප්‍රමාණය අඩුවුනා. ඒක මේ පරාජයට හේතු වුනා.
සමහර දිස්ත්‍රික්ක අපි ජයග්‍රහණය කරාට සමස්ථයක් හැටියට අපි පරාජයට පත්වුනා. ඊටත් වඩා අපේ අවධානය යොමු වෙන්න ඔවමනායි මේ පක්ෂෙට සිංහල බෞද්ධ ඡන්ද පදනම නැති වුන එක. මේක ඊට ඉස්සෙල්ලා අපිට සිදුවෙලා නෑ. ඒ ගැන විශේෂයෙන්ම අපි හොයලා බැලිය යුතුයි.