චෝදනා ලබා සිටින කිසිවෙකුට සජිත්ගේ ආණ්ඩුවේ තනතුරු නෑ ! | Colombocall චෝදනා ලබා සිටින කිසිවෙකුට සජිත්ගේ ආණ්ඩුවේ තනතුරු නෑ ! - Colombocall

Hot News

චෝදනා ලබා සිටින කිසිවෙකුට සජිත්ගේ ආණ්ඩුවේ තනතුරු නෑ !




ජනාධිපති වූ පසු තමන් විසින් ජනතාව අපේක්ෂා කරන පාලන තන්ත්‍රයක් මේ රටේ ස්ථාපිත කරන බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එම අලුත් කණ්ඩායමට හොඳ බුද්ධියක්, දර්ශනයක්, වැඩපිළිවෙළක්, ඥානයක්, අවබෝධයක් ඇති කණ්ඩායමක් බව ද ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

ඔහු මේ අදහස් පළ කළේ ජනාධිපතිවරණ සදහා පැවති ජන රැළියක් අමතමිනි.

‘ජරාව කාපු, හොරා කාපු, රට මංකොල්ල කාපු කිසිවකුට සජිත් ප්‍රේමදාසගේ අත්සන යොදන්නේ නෑ. ඕන කෙනෙකුට තොප්පිය දාගන්න පුලුවන්’ යයිද අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

එමෙන්ම පසුගිය ආණ්ඩුවේ චෝදනා එල්ල වූ කිසිඳු කෙනෙකුට තමන් විසින් ඇමතිකම් ලබා නොදෙන බවටද ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.