බොදුබල සේනා සංවිධානය විසුරුවා හරියී | Colombocall බොදුබල සේනා සංවිධානය විසුරුවා හරියී - Colombocall

Hot News

බොදුබල සේනා සංවිධානය විසුරුවා හරියී




මහමැතිවරණයෙන් පසු බොදු බල සේනා සංවිධානය විසුරුවා හරින බව එහි මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.
රාජගිරියේ අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.
එහිදී වැඩිදුර අදහස් දක්වමින් ඥානසාර හිමියන් සඳහන් කළේ තම සංවිධානයේ බලාපොරොත්තු ඉෂ්ට වී ඇති බැවින් මෙම තීරණය ගත් බවයි.
සුළු ජාතික ඡන්ද නොමැතිව ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බවට වූ මතය
මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සමග මිථ්‍යාවක් වූ බවයි උන්වහන්සේ සඳහන් කළේ.
එමෙන්ම වත්මන් නායකත්වයත්, මහ මැතිවරණයෙන් පසු පත්වන ඇමති මණ්ඩලයත් සමග රටෙහි ස්ථාවරත්වය ගොඩනැගිය හැකි බැවින් තම සංවිධානය විසුරුවා හරින බවයි ඥානසාර හිමියන් වැඩිදුරටත් කියා සිටියේ.