"ඇමතිධූර භාර නොගන්නා බව වේදිකාවල කියමු" විමල්ගෙන් සජිත් පරදන්න යෝජනාවක් ! | Colombocall "ඇමතිධූර භාර නොගන්නා බව වේදිකාවල කියමු" විමල්ගෙන් සජිත් පරදන්න යෝජනාවක් ! - Colombocall

Hot News

"ඇමතිධූර භාර නොගන්නා බව වේදිකාවල කියමු" විමල්ගෙන් සජිත් පරදන්න යෝජනාවක් !




ගෝඨාභය රාජපක්ෂ මහත්මාගේ මහත්මා ගේ ප්‍රධානත්වයෙන් හතර ගාල්ල දිස්ත්‍රික්කයේ පැවති මහජන රැළි වලින් පසුව රාත්‍රී කාලයේදී හා ආහාර ගැනීම සඳහා පොහොට්ටුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ගාල්ල නගරයේ පිහිටි එක්තරා හෝටලයකට පැමිණ ඇත .
එහිදී ඔවුන් විසින් එම මැතිවරණ ව්‍යාපාරය පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර ඇත.මෙලෙස මැතිවරණ ව්‍යාපාරය තව දුරටත් ඉදිරියට ගියහොත් පරාජය වීමට වැඩි ඉඩකඩක් ඇති බව විමල් වීරවංශ ඇතුළු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ගෝඨාභය රාජපක්ෂ මහතාට පෙන්වා දී ඇත.ගෝඨාභය රාජපක්ෂ මහතාට එහිදී පවසා ඇත්තේ දැනට තිබෙන තත්ත්වය අනුව සජිත් ප්‍රේමදාස මහතා යම් ප්‍රතිශතය කින් ඉදිරියෙන් ඇති බවයි .
එහිදී නාමල් රාජපක්ෂ සහ විමල් වීරවංශ යන මන්ත්‍රීවරුන් ඉදිරි වැඩපිළිවෙළ සඳහා නොයෙක් යෝජනා ඉදිරිපත් කර ඇත.විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින් පවසා ඇත්තේ අප ඇතුළු කණ්ඩායම ගෝටාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළ පසු ඇමතිධුර බාර නොගන්නා බවට ප්‍රසිද්ධ වේදිකාවල පැවසිය යුතු බවයි.
එයට ගෝඨාභය රාජපක්ෂ මහතා ද එකගත්වය පළ කර ඇත .සජිත් ප්‍රේමදාස මහතා දූෂණ වංචා නැති කිසිවෙකුටත් කිසිවෙකුටත් තනතුරු ලබා නොදෙන බවට කළ ප්‍රකාශය මේ වෙන විට ජනතාව අතර බොහෝ සෙයින් කතාබහට ලක්වන නිසා අපද එවැනි දෙයක් එළියට දැමිය යුතු බවයි.ඒ නිසා අප ද අමාත්‍ය ධුර භාර නොගන්නා බවට ප්‍රචාරයක් ගෙන යාම අවශ්‍ය බව ද එහි දී පෙන්වා දී ඇත .