ඇමරිකන් පුරවැසියෙකුට ඇමරිකාවට විරුද්ධ වීමට නොහැකියී ! | Colombocall ඇමරිකන් පුරවැසියෙකුට ඇමරිකාවට විරුද්ධ වීමට නොහැකියී ! - Colombocall

Hot News

ඇමරිකන් පුරවැසියෙකුට ඇමරිකාවට විරුද්ධ වීමට නොහැකියී !




යෝජිත Millennium Challenge Corporation (MCC) ගිවිසුමට විරෝධය පළකරමින් පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ ඊයේ උදෑසන සිට ආරම්භ කර තිබූ මාරාන්තික උපවාසය අවසන් කිරීමට උන්වහන්සේ ඊයේ රාත්‍රියේ පියවර ගත්තා.
ඒ, ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ලබාදුන් ලිඛිත ඉල්ලීම්වලට අනුවයි.

සජිත් ප්‍රේමදාස මහතා, කාශ්‍යප හිමියන් වෙත යොමුකළ ලිපියෙන් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණයට පෙර MCC ගිවිසුමට කිසි ලෙසකින්වත් අස්සන් නොතබන බවත්, පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත විවාදයකින් පසුව ඒ පිළිබඳ තීරණයකට එළැඹෙන බවයි.
එසේම MCC ගිවිසුම සම්බන්ධයෙන් පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබාගනිමින් එම කටයුතු සිදුකරන බවද, රටට අහිතකර කිසිදු ගිවිසුමකට නොඑළඹෙන බවද එම ලිපියෙන් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා, කාශ්‍යප ස්වාමින්වහන්සේ වෙත යොමුකළ ලිපියේ අදාළ MCC ගිවිසුම පිළිබඳ කිසිදු විශේෂ සඳහනක් නොවීමද කැපීපෙනෙන සිදුවීමකි. ඒ වෙනුවට එහි සඳහන්ව ඇත්තේ වත්මන් රජය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට අස්සන් කළ සියලු අහිතකර ගිවිසුම් නැවත සලකා බැලීමට තමන් පියවර ගන්නා බවකි.
පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන්ගේ මාරාන්තික උපවාසයට මූලිකම හේතුව ලෙස සඳහන්ව තිබූ යෝජිත MCC ගිවිසුම ගැන වචනයකුදු රාජපක්ෂ මහතාගේ ලිපියෙහි සඳහන් නොවීම කැපී පෙනේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා MCC ගිවිසුමට අදාළ කරුණු හිතාමතාම සිය ලිපියට ඇතුළත් නොකරන්නේ ප්‍රශ්නගත තම ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන්ද යන්න පිළිබඳ සාධාරණ සැකයක් ජනිත කරයි.
(සජිත් ප්‍රේමදාස මහතාගේ ලිපිය භාරගැනීමෙන් පසු පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් උපවාසය උත්හැරි අවස්ථාව මාධ්‍ය වාර්තා කර තිබූ අයුරු පහත වීඩියෝවෙන්)