ගම්මන්පිලගෙන් චම්පිකට සහ මංගලට අභියෝගයක් ! | Colombocall ගම්මන්පිලගෙන් චම්පිකට සහ මංගලට අභියෝගයක් ! - Colombocall

Hot News

ගම්මන්පිලගෙන් චම්පිකට සහ මංගලට අභියෝගයක් !




මිලේනියම් චැලේන්ජ් ගිවිසුම තරම් මව්බිම දැවැන්ත පාවා දීමකට සැරසෙන ගිවිසුමක් ඉතිහාසයේ කවදාවත් නොතිබුණ බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි
ඊයේ (05) එම පක්ෂ කර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
මංගල චම්පික ඇමතිවරුන් රෙදි ගලවා ගෙන ඇමෙරිකාවට කඩේ යමින් බොරු වපුරනවා. ඒ නිසා පාළු ගෙවල් වල වලං බිඳින්නේ නැතුව මිලේනියම් චැලේන්ජ් ගිවිසුම පිළිබඳ මාත් එක්ක ප්‍රසිද්ධ විවාදයකට එන්න කියා මංගල සහ චම්පික ඇමතිවරුන්ට අභියෝග කරනවා.” ලෙස ඔහු එහිදී අදහස් දැක්වීය.
2002 වසරේ මුලින්ම සාකච්ඡා වූ ඇමෙරිකාව සමග අත්සන් කිරීමට නියමිත මිලේනියම් චැලේන්ජ් ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට හානියක් සිදුවේනම් එය පෙන්වා දෙන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කර තිබෙන අවස්ථාවක මන්ත්‍රීවරයා මෙම අභියෝගය යොමු කර තිබේ.