ගෝඨාභයට සජිත්ගෙන් ! මහින්දට මංගලගෙන් ! | Colombocall ගෝඨාභයට සජිත්ගෙන් ! මහින්දට මංගලගෙන් ! - Colombocall

Hot News

ගෝඨාභයට සජිත්ගෙන් ! මහින්දට මංගලගෙන් !





ඇමරිකාව සමඟ මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා (MCC) ගිවිසුම අත්සන් කිරීමෙන් රටට හානියක් සිදුවන බවට චෝදනා කරන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එයින් රටට සිදුවන අයහපතක් පිළිබඳව කිසිදු සඳහනක් නොකර හුදු ඇමරිකන් භීෂණයක් මවා පෑමට උත්සාහ දරමින් සිටින බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පවසයි.

ජනාධිපතිවරණයක් පැවැත්වෙන මෙවන් අවස්ථාවකදී ජනතාව මුලා නොකර MCC ගිවිසුමෙන් රටට හෝජනතාවට හානියක් වේනම් ඒ පිළිබඳව ජනතාවට කරුණු හෙළි කරන්නැයි විපක්ෂ නායක ඇතුළු පොදු පෙරමුණේ නායකයන්හට අභියෝග කරන බව අමාත්‍යවරා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.