නාමල් රාජපක්ෂට දිලිප් වෙදාරච්චිගෙන් චෝදනාවක් ! | Colombocall නාමල් රාජපක්ෂට දිලිප් වෙදාරච්චිගෙන් චෝදනාවක් ! - Colombocall

Hot News

නාමල් රාජපක්ෂට දිලිප් වෙදාරච්චිගෙන් චෝදනාවක් !




රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ නිල මුද්‍රව අනිසි ලෙස භාවිතා කරමින් නාමල් රාජපක්ෂ මතාගේ අත්සන සහිතව හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්ෂිකයනේගේ නිවෙස වලට ලිපියක් යව ඇති බවට රාජ්‍ය අමාත්‍ය වරයා චෝදනා කරනවා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ තංගල්ල ප්‍රධාන කාර් යාලයේදී ඊයේ (03) දහවල් පැවති විශේෂ මාධ්‍ය මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියා.

” ලබන 16 දින පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් නියත වශයෙන් ජයගන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා බව රටම දන්නා ඇත්ත . මෙවැනි ජයක් ලබන විටදී රාජපක්‍ෂවරුන්ගේ බලකොටුවක් කියලා ඒ අයම කියපු හම්බන්තොට දිස්ත්‍රික්කයත් අපි ජයගන්නවා. මේ නිසා ඒ පොහොට්ටු කල්ලිය ජනතාව මුලාකරන්න පුළුවන් ඕනෑම නොහොබිනා කටයුත්තක් කරන්න පෙළඹිලා ඉන්නවා.

එවන් අන්ත පරාජයක් ලබන බව දන්නා පොහොට්ටුවේ නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා මගේ නිල මුද්‍රාව ඉතා වංචනිකව යොදාගෙන , මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙන මුද්දර භාවිත කරමින් නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයාගේ අත්සනින් ගෝඨාභයට ඡන්දය දෙන්න කියලා ලිපියක් මම යවන විදියට ජනතාවට යවලා. එවැනි ලිපි කිහිපයක් අපිට ලැබිලා තියෙනවා.

මේක මහා කුමන්ත්‍රණයක්. මේ ලියුම යවලා තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගේ ගෙවල් වලට.

මෙවැනි කුප්‍රකට ක්‍රියාවලින් මේ දකුණේ මිනිස්සු රවට්ටන්න බැහැ . හම්බන්තොට ජනතාව නැවත මෙවර රවට්ටන්න ලැබෙන්නේ නැහැ.” යයි රාජ්‍ය අමාත්‍ය වරයා මාධ්‍ය හමුව අමතමින් ප්‍රකශ කර සිටියා.