පුත්තලමේ ගැටුමක්.. කිහිපදෙනකු රෝහලේ !
පුත්තලම වනාතවිල්ලුව ප්රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින්
පුද්ගලයින් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
වාහනයකට සිදුවූ අලාභයක් පිළිබඳ සමථයකට පත් කරගැනීම සඳහා පැවති සාකච්ඡාවක ප්රථීපලයක් ලෙස මෙම ගැටුම හටගෙන ඇති බවයි වාර්ථාවන්නේ.
ගැටුමින් තුවාල ලැබූ පුද්ගලයින් පුත්තලම රෝහලට ඇතුලත් කර ඇති අතර අදාල වාහනය සහ සැකකරුවකු පුත්තලම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.