ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩ පටන් ගනී ! නව ලේකම්වරුන් 4ක් ! | Colombocall ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩ පටන් ගනී ! නව ලේකම්වරුන් 4ක් ! - Colombocall

Hot News

ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩ පටන් ගනී ! නව ලේකම්වරුන් 4ක් !






ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ලේකම්වරුන් 4ක් පත් කර තිබේ.
ඒ අනුව ජනාධිපති ලේකම් ධුරයට පත්කර ඇත්තේ ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ය.

ඔහු මීට පෙර මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කළා.

නව ආරක්ෂක ලේකම් ධුරයට පත් කෙරුණේ, විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතායි.

ඔහු යුද සමයේ 53 වන බල සේනාවේ අණදෙන නිළධාරියා ලෙස කටයුතු කළේ ය.

මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආර්ථික විද්‍යාඥයෙකු මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වු එස්.ආර්. ආටිගල මහතා පත් කෙරුණි.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල් ධුරයට ඕෂධ සේනානායක මහතා පත්කර තිබේ.