හිටපු ඇමතිනී ආරියවතී ගලප්පත්තිට පොහොට්ටු වේදිකාවෙන් හූ තියයි -VIDEO- | Colombocall හිටපු ඇමතිනී ආරියවතී ගලප්පත්තිට පොහොට්ටු වේදිකාවෙන් හූ තියයි -VIDEO- - Colombocall

Hot News

හිටපු ඇමතිනී ආරියවතී ගලප්පත්තිට පොහොට්ටු වේදිකාවෙන් හූ තියයි -VIDEO-




ඊයේ (28) කන්තලේ පැවති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ රැළිය ඇමතීමට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ත්‍රීකුණාමල දිස්ත්‍රික් සංවිධායිකා ආරියවතී ගලප්පති මහත්මියට ද පොහොට්ටු පාක්ෂිකයින්ගෙන් නොනවතින හූ හඬක් අසා ගැනීමට සිදුවනු දක්නට ලැබුනා.
“මේක හූ කියන එකක් නෙමෙයි. හූ කියන්න බෑ, හූ කිව්වොත් බැහැලා යනවා ! ඒක නිසා මේ කියන්නෙ මේක හූ කියන එකක් නෙවෙයි.” යනුවෙන් පවසමින් සිය කතාව කරගෙන යාමට ඒ මහත්මිය උත්සාහ දැරුව ද පොහොට්ටු පාක්ෂිකයින්ගේ හූ හඬ නතර නොවූ නිසා “හරි, තමුන්නාන්සෙලාම කියාගන්නකො” යනුවෙන් පවසා ඒ මහත්මිය කතාව නවතා සිය අසුනට ආපසු ගියාය.
මෙහිදී රැස්වීමේ සංවිධාකයින් වටවී නැවත වතාවක් සභාව අමතන ලෙස ඉල්ලා සිටියත් ඒ මහත්මිය ඊට එකඟ නොවූ අතර එම රැලියේ සංවිධායක විසින් ප්‍රසිද්ධියේ එම මහත්මියගෙන් සමාව ඉල්ලා සිටින ලදී.
ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයක එම සිද්ධිය මෙලෙස වාර්තා කර තිබුණා .