නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට "හූ" කීම මහින්ද වක්‍රාකාරව අනුමත කරයි ! (video) | Colombocall නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට "හූ" කීම මහින්ද වක්‍රාකාරව අනුමත කරයි ! (video) - Colombocall

Hot News

නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට "හූ" කීම මහින්ද වක්‍රාකාරව අනුමත කරයි ! (video)



ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ගෝඨාභය රාජපක්ෂගේ වේදිකාවට ගොඩවීම හමුවේ පොහොට්ටු පාක්ෂික ජනතාවගේ "හූ සංග්‍රහ" භුක්ති විඳීමට සිදු වූවා.

මෙසේ "හූ සංග්‍රහ" කිරීම පිළිබඳ පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් මාධ්‍ය සාකච්ඡාවල පවා කියා සිටියේ මෙය යම් පුද්ගල කණ්ඩායමක් විසින් සංවිධානාත්මකව ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වැලැක්වීමට ගන්නා උත්සහයක් ලෙස හැඟී යන බවයි. කෙසේ වෙතත් මෙම "හූ සංග්‍රහ" නිසා ඇතැම් පාක්ෂිකයන්ට , මන්ත්‍රීවරුන් විසින් හරකුන්ට ගසනවා සේ ගුටිබැට ලබා දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද කරලියට පැමිණ තිබුණා.

මේ පහරදීම් පිළිබඳ සමාජ මාධ්‍ය තුළ ද දැඩි කතාබහක්  ඇතිව තිබුණා. සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස විවේචනය කර තිබුණේ මෙසේ ගුටි කෑමට ලක් වූ පාක්ෂිකයිනුයි. ඔවුන් කියා සිටින්නේ වැස්සේ තෙමීගෙන, තමන්ගේ කාලය වැයකරගෙන ගෝඨාභය වෙනුවෙන් පැමිණි ජනතාවට එම පක්ෂයේම ප්‍රාදේශීය ලොක්කන්ගේ ප්‍රහාර එල්ලවීම තුළ ඔවුන් "වහලුන්" බව මනාව පෙනී යන බවයි.

මෙම "හූ සංග්‍රහ" පිළිබඳ ජනාධිපති අපේක්ෂක "සජිත් ප්‍රේමදාස" ද  අදහස් දක්වා තිබුණා. ඔහු කියා සිටියේ පොහොට්ටුවේ වේදිකාවට ගොස් "හූ සංග්‍රහ" ලබා ගත් අය තමාගේ වේදිකාවට පැමිණියා නම් කිසිවිටකත් "හූ සංග්‍රහ" අත් නොවන බවයි.

"ටී.බී ඒකනායක , දුමින්ද දිසානායක , ජෝන් සෙනවිරත්න" යන නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පොහොට්ටුවේ හූ සංග්‍රයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ බව දැකගන්නට තිබුණා. "ජෝන් සෙනවිරත්න" මහතා වෙත "හූ සංග්‍රය" ලබා දෙන මොහොතේ එම වේදිකාවේ පසුපස සිටි මන්ත්‍රීවරයෙක් ජනතාවට වැඳ හූ කීම නවත්වන ලෙස ආයාචනා කර සිටියේ මෙසේ හූ කීම තුලින් , ගෝඨාභය වෙත ලැබීමට නියමිතව තිබූ නිදහස් පාක්ෂිකයින්ගේ ඡන්ද කැඩී යන බව දන්නා නිසා විය යුතුය. කෙසේ නමුත් මෙම "හූ සංග්‍රහ" හමුවේ , නිදහස් පක්ෂයේ ඇතැම් නායකයින් ගෝඨාභයගේ වේදිකාවේ සිටිද්දී නිදහස් පක්ෂයේ ග්‍රාමීය නායකයින් බහුතරයක් සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සජිත්ගේ වේදිකාවට ගොඩ වී තිබෙනවා.

මෙසේ නිදහස් පාක්ෂිකයින්ට හූ සංග්‍රහ ලබා දීම පිළිබඳ වක්‍රාකාරයෙන් "මහින්ද රාජපක්ෂ" තම කැමැත්ත පළ කරන බව හැඟීයන ප්‍රකාශයක් මහින්ද රාජපක්ෂ සිදුකර තිබෙනවා. එනම් ඔහු ජන රැළියකදී තම පාක්ෂිකයින් වෙත කියා සිටින්නේ ජනතාව සමඟ නොමැති නායකයින් ජනතාව අතරට යාමට  උත්සහ කිරීමේදී ඔක්සිජන් ලැබෙන බවයි.ඔහු මෙහිදී "ඔක්සිජන්" ලෙස පවසා සිටින්නේ "හූ සංග්‍රහය" ගැන බව එම අවස්ථාව හා සම්බන්ධ වීඩියෝව නරඹන ඕනෑම අයෙකුට පැහැදිළි වෙනවා.

එම වීඩියෝව පහළ සබැඳියෙන්

https://www.facebook.com/colombocall/videos/927066910999187/