ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් දේවස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් (PHOTOS) | Colombocall ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් දේවස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් (PHOTOS) - Colombocall

Hot News

ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් දේවස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් (PHOTOS)






ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් දේවස්ථානයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 62 දෙදෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා. ඇෆ්ගනිස්ථානයේ, නන්ගහාර් පළාතේ පිහිටි මුස්ලිම් දේවස්ථානයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර ඉන් දේවස්ථානයට දැඩි අලාභහානි සිදු ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදී දේවස්ථානය තුල වන්දනාකරුවන් 350 ක් පමණ සිට ඇති අතර සිද්ධිය ඇසින් දුටුවන් එරට මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුනේ ශබ්ද නගා ඇතිවුනු පිපිරීමෙන් පසු පල්ලියේ වහලය කඩා වැටුනු බවයි.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු විසින්  භාරගෙන නොමැති අතර ප්‍රහාරයෙන් මිය ගිය ගණන ඉහළ යා හැකි බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ අතර ඉකුත් ජුලි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ප්‍රහාරවලින් ඇෆ්ගනිස්ථානයේ සිවිල් වැසියන් 1174 දෙනෙකු මිය ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනාවරණ කරන අතර ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ පුද්ගල මරණ වැඩිම කාලසීමාවද එය බවයි සඳහන් වන්නේ.