පොලිස් අණට කීකරු නොවූ අධිසුඛෝපභෝගී ජිප් රථයට වෙඩි තියපු හැටි මෙන්න (PHOTOS) | Colombocall පොලිස් අණට කීකරු නොවූ අධිසුඛෝපභෝගී ජිප් රථයට වෙඩි තියපු හැටි මෙන්න (PHOTOS) - Colombocall

Hot News

පොලිස් අණට කීකරු නොවූ අධිසුඛෝපභෝගී ජිප් රථයට වෙඩි තියපු හැටි මෙන්න (PHOTOS)








කිලිනොච්චිය මුරුකණ්ඩු ඉන්ද්‍රපුරම්  ප්‍රදේශයේදී අද (14) උදෑසන පොලිසිය විසින් අණ නොතකා ධාවනය වූ සුඛෝපභෝගී මෝටර් රථයකට වෙඩි තබා තිබෙනවා.

වෙඩි තැබීමෙන් එහි ගමන් ගත් එක් අයෙකු තුවාල ලබා තිබෙනවා.

කිළිනොච්චිය පොලිසිය ප්‍රකාශ කළේ කේරළ ගංජා තොගයක් රැගෙන මෝටර් රථයක් පැමිණෙන බවට ලද තොරතුරක් මත පොලිසිය රැකවල් ලා සිටියදී මෙම මෝටර් රථය පැමැණි බවත් අදාළ මෝටර් රථය නවත්වන ලෙස සංඥා කළ අවස්ථාවේදී  එය නොනවත්වා ධාවනය කරවීම නිසා පොලිසිය ඊට වෙඩි තැබූ බවයි.

තුවාල ලත් පුද්ගලයාගේ තත්ත්වය බරපතල නොවන බවද ඔහු සුළු තුවාල ලබා ඇති බවද වාර්තා වුණා. කිළිනොච්චිය පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

මෙම රථයේ ගමන් කර ඇත්තේ කැබිතිගොල්ලෑව සුරාබදු ඒකකයේ නිලධාරීන් බවට පසුව අනාවරණය වී තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයා ද සුරාබදු ඒකකයට තොරතුරු සපයන අයෙකු බවයි සඳහන් වන්නේ.