ෆෝන් එක පුපුරා යාම නිසා ජීවිතයට සමුදුන් තරුණිය -PHOTOS- | Colombocall ෆෝන් එක පුපුරා යාම නිසා ජීවිතයට සමුදුන් තරුණිය -PHOTOS- - Colombocall

Hot News

ෆෝන් එක පුපුරා යාම නිසා ජීවිතයට සමුදුන් තරුණිය -PHOTOS-





සිය ජංගම දුරකතනය ඇඳේ කොට්ටය යට තබාගෙන නින්දට ගිය පාසල් සිසුවියක් එම ස්මාර්ට් ජංගම දුරකතනය  හදිසියේ පුපුරා යාම නිසා මියගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කසකස්තානයේ   Alua Asetkyzy Abzalbek නමැති  14 හැවිරිදි පාසල් සිසුවියක්.
මෙම දැරිය ගීත ශ්‍රවනය කිරීමට ප්‍රියතාවයක් දක්වන බවත්,  ඒ නිසාම ඇය සෑම දිනම නින්දට යන්නේ තම ජංගම දුරකතනයෙන් ගීත අසමින් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා. ඒ අනුව ඇය සිය ජංගම දුරකතනය චාර්ජ් කිරීම සඳහා විදුලියට සම්බන්ද කර දුරකතනය කොට්ටය යට තබා නින්දට ගොස් ඇති අතර පසුදා උදෑසන වන විට දුරකතනයේ බැටරිය ඇගේ හිසට ආසන්නව පුපුරා ගොස් ඇය මියගොස් ඇති බව දෙමව්පියන්ට දැකගන්නට ලැබී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ එරට පොලිසිය සඳහන් කර තිබුනේ  මෙම අනතුරින් අයගේ හිසට බරපතල තුවාල සිදුව ඇති බවත්, පිපිරිම සිදුවූ වහාම ඇය මියයන්නට ඇති බවත්ය. එසේම ජංගම දුරකථනය අධික ලෙස රත්වීම නිසා මෙම පිපිරීම සිදුවන්ට ඇති බවත් එම මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා.