ISIS ලොක්කා ජීවිතයෙන් සමුගනී !
අයි.එස්.අයි.එස් නායක අබුබකර් අල් බග්ඩාඩි වයඹ දිග සිරියාවේ අමෙරිකානු මෙහෙයුමක් අතරතුර ජීවිතක්ෂයට පත් ව ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් තහවුරු කරයි.
පසු ගිය කාල සීමාව පුරාම ඇමරිකන් හමුදාවන්ගේ ඉලක්කයක් බවට පත්ව සිටි ISIS නායකයා සොයා සිරියාව පුර සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලැබූ අතර අද දවසේ එවැනි වැටලීමක් සිදු කරන අතර ISIS නායක මියගිය බවට තොරතුරු වාර්තා වේ.