ගෝඨාභයට සහය පළකරන රැස්වීම්වලට නිදහස් පක්ෂය සහභාගී වෙන්නේ නෑ !
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂට සහය පළ කරමින් මැතිවරණ ප්රචාරක රැලිවලට සහභාගී නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පවසනවා.
එම පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමකින් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා විසින් පක්ෂයේ මෙම තීරණය ප්‍රකාශයට පත් කළේය.
ගෝඨාභය රාජපක්ෂට සහය දැක්වීම සඳහා විශේෂයෙන් බිම් මට්ටම ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන වෙනම රැස්වීම් සංවිධානය කර ඇති බවත් ඔහු කියා සිටියා.