යන්න කළින් මරණීය දණ්ඩනය දීලයි යන්නේ ! | Colombocall යන්න කළින් මරණීය දණ්ඩනය දීලයි යන්නේ ! - Colombocall

Hot News

යන්න කළින් මරණීය දණ්ඩනය දීලයි යන්නේ !







මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයක් ලබාදුනහොත් තමන්ගේ ධූර කාලය අවසන් වීමට පෙර මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඊයේ (20) පස්වරුවේ කොළඹ හිල්ටන් හෝටලයේ පැවති ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ දී තරුණයකු යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද ප්‍රකාශ කළා.

මේ රටේ තියෙන මත්ද්‍රව්‍ය ප්‍රශ්නය ඉතාමත් බරපතලයි. ලෝකයෙත් ඉතාමත් බරපතලයි. ඒ අභියෝගය ඉතාමත් දැඩි නිසා තමයි මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ට මරණීය දණ්ඩණය මම තීරණය කළේ. මම හතරදෙනෙකුට මරණ දඬුවම දෙන්න අත්සන් කළා. තව දවස් කිහිපයකින් ඊළඟ සතියෙ ඒ නඩු දිනය තියෙනවා. මම දන්නෙ නෑ ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුතුමන්ලා මොන තීන්දුවක් ගනීද කියලා.

මරණීය දණ්ඩණය දෙන්න බැහැ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය කල් දාලා හරි එහෙම දෙයක් කළොත් මරණීය දණ්ඩණය දෙන්න බැරුව යනවා. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණය මරණීය දණ්ඩනයට ඉඩ දීලා ඒ නඩුව අවසන් කළොත් මම මගේ නිළ කාලය තුල යන්න කලින් මරණීය දණ්ඩනය දීලයි මං යන්නේ.