ගෝඨාභය ජනාධිපති වූ වහාම එල්.ටී.ටී.ඊ සංවිධානයේ සිටි පිල්ලයාන් නිදහස් ! | Colombocall ගෝඨාභය ජනාධිපති වූ වහාම එල්.ටී.ටී.ඊ සංවිධානයේ සිටි පිල්ලයාන් නිදහස් ! - Colombocall

Hot News

ගෝඨාභය ජනාධිපති වූ වහාම එල්.ටී.ටී.ඊ සංවිධානයේ සිටි පිල්ලයාන් නිදහස් !




පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ බන්ධනාගාර ගතකර සිටින එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සංවිධානයේ ප්‍රමුඛ පෙළේ නායකයෙකුව සිටි සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ වහාම නිදහස් කන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මඩකලපුව ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා.

මහින්ද රාජපක්ෂ මහතා පිල්ලයාන්ගේ සුවදුක් විමසීම සදහා මඩකලපුව බන්ධනාගාරය වෙතද පසුගියදා (25) ගොස් ඇති අතර එහිදී ඔහු පිල්ලයාන්ටද ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව ඔහුව නිදහස් කරන බවට පොරොන්දු වී තිබේ.