ජනාධිපති අපේක්ෂකයින් වැඩි වීම නිසා වියදම දෙගුණ වෙයි ! | Colombocall ජනාධිපති අපේක්ෂකයින් වැඩි වීම නිසා වියදම දෙගුණ වෙයි ! - Colombocall

Hot News

ජනාධිපති අපේක්ෂකයින් වැඩි වීම නිසා වියදම දෙගුණ වෙයි !





මෙවර ජනපතිවරණය පැවැත්විම වෙනුවෙන් රුපියල් කෝටි 450ක පමණ මුදලක් වැය වෙනු ඇතැයි මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

අද (04දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. අපේක්ෂකයන් සංඛ්‍යාව වැඩි වීම අනුව මෙම වියදම ඉහළ යා හැකි බවත් ඔහු සඳහන් කළේය.

මෙවර ජනපතිවරණයට ඉදිරිපත්ව ඇති කිසිම අපේක්ෂකයෙකුට සියයට 50ට අධික සංඛ්‍යාවක් ලබාගත නොහැකි නම් දෙවැනි හා තෙවැනි මනාපය ගණනය කිරීමට සිදුවන බවත් ඔහු ප්‍රකාශ කළේය.