ලංකාවේ "ආරක්ෂාව" ෆොන්සේකාට දෙන නිසා මධ්‍යස්ථ පිරිස් සජිත් වෙත සමීප වෙයි ! | Colombocall ලංකාවේ "ආරක්ෂාව" ෆොන්සේකාට දෙන නිසා මධ්‍යස්ථ පිරිස් සජිත් වෙත සමීප වෙයි ! - Colombocall

Hot News

ලංකාවේ "ආරක්ෂාව" ෆොන්සේකාට දෙන නිසා මධ්‍යස්ථ පිරිස් සජිත් වෙත සමීප වෙයි !





කැකිරාවේදී  'එක්ව ඉදිරියට' විජයග්‍රාගී ජනරැළිය ඉතා සාර්ථකව පැවැත්වූ බව වාර්තා වෙනවා.

ජාතික ආරක්ෂාවේ ඉහළම තත්වය සරත් ෆොන්සේකා මැතිතුමාට ලබා දෙන බව ප්‍රකාශ කිරීමෙන් පසු මධ්‍යස්ථ මතධාරීන් රැසකගේ සහයෝගය සජිත් ප්‍රේමදාස වෙත ලැබෙමින් පවතින බවයි වාර්තා වෙන්නේ.

රැස්වීමට පැමිණි බොහෝ දෙනකු කියා සිටින්නේ සජිත් ප්‍රේමදාස යනු ජනතාවට ඉතා සමීප නායකයකු බවයි.  ඔහු සමඟ විවෘතව ජනතාවට ඇති ඕනෑම ගැටළුවක් කතා කිරීමේ හැකියාව පවතින බවද ඔවුන් සඳහන් කර සිටිනවා.

ගෝඨාභය රාජපක්ෂ කිසි දිනක ජනතා ආදරය සමඟ නායකත්වයට  නොපැමිණෙන බවත් ඔහු දේශපාලනය ඉගනගැනීමට අත් පොත් තබන්නේ මෙම ජනාධිපතිවරනයෙන් බවත් ඔවුන් කියා සිටිනවා.

තවද තමාට රට ගැන ඉදිරි දැක්මක් පවතින බව ගෝඨාභය පැවසුවද යමකු ප්‍රශ්න කළ විට එම දැක්ම පිළිබඳ කියාපෑමට තරම්වත් හැකියාවක්  නොමැති බව පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාව තුළින් ඔප්පු වූ බව තවත් අයකු කියා සිටියා.

ඔවුන්ගේ මතය වන්නේ ගෝඨාභයට මෙවර යම් ඡන්ද ප්‍රමානයක් ලැබෙන බවත් නමුත් එය ජනාධිපතිවරණය ජයගැනීමට ප්‍රමාණවත් නොවන බවත් ය