කාන්තාවන්ට සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ විශේෂ ඉඩක් ! | Colombocall කාන්තාවන්ට සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ විශේෂ ඉඩක් ! - Colombocall

Hot News

කාන්තාවන්ට සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ විශේෂ ඉඩක් !




කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් දැනටත් වඩා කටයුතු කරන ආණ්ඩුවක් ඉදිරියේදී නිර්මාණය කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කොළඹ කාන්තා සම්මේලනයේ අද පෙරවරුවේ පැවැති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ කාන්තාවන් වෙනුවෙන් මෙතෙක් සාධනීය මෙහෙවරක් ඉටු කළේත්, අනාගතයේදී ඉටු කරන්නේත් එක්සත් ජාතික පක්‍ෂය විසින් බවය.

ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණයත් සමගම කාන්තාවන් වෙනුවෙන් විශේෂ සැලසුම් රාශියක් ක්‍රියාත්මක කරන බවත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත්පවසා සිටියේය.

ඒ සම්බන්ධව සජිත් ප්‍රේමදාස මහතා තම ප්‍රතිපත්ති ප්‍රකාශය තුලද සටහන් කරනු ඇති බවට මේ වන විට කතිකාවක් පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.