සජිත් නොබියව සුපිරි තීරණයක් ගනී ! | Colombocall සජිත් නොබියව සුපිරි තීරණයක් ගනී ! - Colombocall

Hot News

සජිත් නොබියව සුපිරි තීරණයක් ගනී !





නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තමන් ජනපතිධුරයට පත්වූ විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන බදු රහිත වාහන බලපත් දීමනාව අහෝසි කරන බව පවසයි.

දික්වැල්ලේ පැවැති ජන රැළියක් අමතමින් ඔහු මේ බව පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට භාවිතා කිරීමට ඇති තරම් වාහන අමාත්‍යංශ වල ඇති බැවින් අලුතෙන් බලපත්‍ර ලබා දීමක් සිදු නොකර මේ හරහා ඉතිරිවන මුදල්වලින් ජනතාවට සිදුකිරීමට තිබෙන උපරිම සේවය ලබා දෙමින් අවශ්‍ය සහන ලබාදීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.