ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ජය පොදු ජන පෙරමුණට හිමිවේ | Colombocall ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ජය පොදු ජන පෙරමුණට හිමිවේ - Colombocall

Hot News

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ජය පොදු ජන පෙරමුණට හිමිවේ





නිල ප්‍රතිඵල ලේඛනය අනුව ඡන්ද කොට්ඨාස 17ම ජයගනිමින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය හිමි කරගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබෙනවා.
එම පක්ෂය ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 23,372යි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිමිකර ගත් සභික ධුර සංඛ්‍යාව 17ක්.
එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 10,113ක්.
ඒ අනුව එම පක්ෂයට හිමිවන සභික ධුර සංඛ්‍යාව 07ක්.
එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 5273ක් හිමිකරගෙන තිබෙනවා.
එම පක්ෂය ලබාගත් සභික ධුර සංඛ්‍යාව 03ක්.
ජනතා විමුක්ති පෙරමුණ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයේදී හිමිකරගත් ඡන්ද සංඛ්‍යාව 2435ක්.
ඔවුන් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව තුළ ලබාගත් සභික ධුර සංඛ්‍යාව 02ක්.
මේ අතර ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ පැවසුවේ, ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 75%ක් බවයි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද(11) පෙරවරු 07 ට මධ්‍යස්ථාන 47කදී ආරම්භ කෙරුණා.
ඒ සඳහා සුදුසුකම් ලබා සිටි ඡන්දදායකයින් සංඛ්‍යාව පනස් තුන්දහස් තුන්සිය අසු හතරක්.
මෙම ඡන්දයට පිළිගත් දේශපාලන පක්ෂ 05කින් අපේක්ෂකයන් 155 දෙනෙකු ඉදිරිපත්ව සිටි අතර ඔවුන්ගෙන් තෝරාගනු ලබන සභිකයින් සංඛ්‍යාව 28ක්.
මැතිවරණ නිරීක්ෂකයින්ට අනුව කිසිදු මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් මෙහිදී වාර්තා නොවීම විශේෂත්වයක්.