නිදහස් පක්ෂය තෝරාගත යුත්තේ "ගෝඨාභය" නොව සජිත් ප්‍රේමදාස ! | Colombocall නිදහස් පක්ෂය තෝරාගත යුත්තේ "ගෝඨාභය" නොව සජිත් ප්‍රේමදාස ! - Colombocall

Hot News

නිදහස් පක්ෂය තෝරාගත යුත්තේ "ගෝඨාභය" නොව සජිත් ප්‍රේමදාස !




ප්‍රගතිශීලී බලවේගය නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තෝරාගත යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා නොව සජිත් ප්‍රේමදාස මහතා බවයි.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ 2015 දී ස්ථාපිත කරන ලස නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට නම් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළයුතු බවයි හිටපු මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ. එබැවින් ශ්‍රීලනිපය තවදුරටත් ප්‍රමාද නොවී ගෝඨාගේ වේදිකාව වෙනුවට සජිත්ගේ වේදිකාව තෝරා ගතයුතු බවත් ඔහු පෙන්වා දෙනවා.

හිටපු ජනාධිපතිවරයා සහ රාජපක්ෂ පවුලේ අතිශය සමීපතමයෙකු ලෙස කටයුතු කළ සජින් වාස් ගුණවර්ධන මහතා රාජපක්ෂ පවුල හා සම්බන්ධ කූට මූල්‍ය ගනුදෙනුවල රාජපක්ෂ පවුලේ නියෝජිතයා ලෙස කටයුතු කළේය. මහින්ද රාජපක්ෂ මහතා සිය නම ප්‍රවර්ධනය කිරීම සඳහාම ආරම්භ කළ මිහින් ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියා ලෙස එම සමාගම කාබාසීනියා කරමින් ජනතා මුදල් විනාශ කළ සජින් වාස් ඉන්පසු රාජපක්ෂලාගේ අනුහසින් පාර්ලිමේන්තුවට ද තේරී පත්විය.

ඉන්පසු විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු ලෙස ඔහු කටයුතු කළ අතර ඇතැම් රාජ්‍යතාන්ත්‍රික නිළධාරීන්ට පහරදීමට තරම් ඔහුගේ රාජපක්ෂ රස්නය බලවත් විය.

එවැනි පුද්ගලයෙකු අද රාජපක්ෂලාට එරෙහිව කටයුතු කිරීමම ගැටළුවකි. ඇතැම්විට මෙය රාජපක්ෂලාගේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය විනාශ කිරීමට පැමිණෙන රාජපක්ෂ පිල්ලියක් වීමටද හැකියාව තිබේ.