ආගම ඇදහීමට අවස්ථාව ලබා දෙනවා ! | Colombocall ආගම ඇදහීමට අවස්ථාව ලබා දෙනවා ! - Colombocall

Hot News

ආගම ඇදහීමට අවස්ථාව ලබා දෙනවා !





සෑම පුරවැසියෙකුටම සිය ආගම ඇදහීමේ නිදහස තහවුරු කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

අම්පාර, අක්කරපත්තු නගරයේ පැවති ජන හමුවකට ඊයේ (24) එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

කිසිවෙකුට තවත් කෙනෙකුගේ ආගමක් උසස් හෝ පහත් ලෙස සැළකිය නොහැකි බවත් අන් අයගේ විශ්වාසය අප භාර ගත යුතු බවත් ඔහු එහිදී කියා සිටියා.

සෑම කෙනෙකුටම තමන් කැමති ආගමක් ඇඳහීමේ අයිතිය තහවුරු කිරීමේ රටක් ගොඩනැඟිය යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

රටේ නැවතත් ලේ වැගිරීම් නැති, ගැටුම් නැති සිංහල දෙමළ මුස්ලිම් කවුරුත් සමඟියෙන් ජීවත් වන රටක් තමන් ගොඩනඟන බවත් ඔහු සඳහන් කළා.