පෙම් යුවල බිය ගන්වා තිස්දහසක් ගත් පොලිස්මල්ලීට වැඩ වරදී | Colombocall පෙම් යුවල බිය ගන්වා තිස්දහසක් ගත් පොලිස්මල්ලීට වැඩ වරදී - Colombocall

Hot News

පෙම් යුවල බිය ගන්වා තිස්දහසක් ගත් පොලිස්මල්ලීට වැඩ වරදී








ගල්කිස්ස බොරුපන ප්‍රදේශයේ දී මෝටර් රථයක් තුළ සිටි යුවලක් බිය ගන්වා මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.

පසුගිය 02 වනදා රාත්‍රි 07.00ට පමණ මෝටර් රථයක් තුළ සිටි යුවලකට එරෙහිව නීතිමය ආකාරයෙන් කටයුතු නොකිරීමට අදාල පොලිස් කොස්තාපල්වරයා විසින් රුපියල් 50,000ක මුදලක් ඉල්ලා ඇති අතර පසුව එම පුද්ගලයා සතුව තිබු රුපියල් 30,000ක මුදලක් පොලිස් නිළධාරීයා විසින් බලහත්කාරයෙන් ලබාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකින් අනතුරුව අදාළ පොලිස් කොස්තාපල්වරයා ඊයේ (04) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඉදිරි විමර්ශන සඳහා මිරිහාන පොලිසිය වෙත භාර දී තිබෙනවා.