ගම්පහ සජිත් දිනවීමේ වගකීම අර්ජුණ රණතුංග වෙත !
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ කටයුතු මෙහෙයවීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ සම නායකයා ලෙස අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්වීම සිදු කර ඇත.
ඊයේ පත්වීමෙන් පසු අදහස් දැක්වූ අමාත්‍ය රණතුංග මහතා ජනාධිපති අපේක්ෂක ප්‍රේමදාස මහතා රටට හානිකර ගිවිසුම් අත්සන් කර ඇති බවට කළ ප්‍රකාශ ප්‍රතික්ෂේප කළේය.
ඒ සඳහා කිසිදු ගිවිසුමක් අත්සන් කර නොමැති බව මම ඉතා පැහැදිලිව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. එවැනි ගිවිසුම් අත්සන් කළහොත් මම මෙහි නොසිටිමි.
ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ආසනයේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණය කිරීම ද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා භාරව සිටී.