ගීතාගෙන් ගයන්තට "කර පෙන්වන්න" යැයි අභියෝගයක් ! | Colombocall ගීතාගෙන් ගයන්තට "කර පෙන්වන්න" යැයි අභියෝගයක් ! - Colombocall

Hot News

ගීතාගෙන් ගයන්තට "කර පෙන්වන්න" යැයි අභියෝගයක් !




ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීමේ දී එක් කොට්ඨාශයක් හෝ ජයගෙන පෙන්වන ලෙස අමාත්‍ය ගයන්ත කරුණාතිලකට අභියෝග කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ පවසනවා.

බෙන්තර, ඇල්පිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය මේ බව සඳහන් කරනු ලැබුවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය මෙහිදී පවසා සිටියේ පොදුජන පෙරමුණ විසින් ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඇති ඡන්ද කොට්ඨාශ‍ 17 ජය ගන්නා බවයි.

එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස අනිවාර්යෙන් පත්කර ගන්නා බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය වැඩිදුරටත් පැවසුවේ.