මහේෂ් සේනානායක රෝහල් ගත කරයි
හිටපු යුද හමුදාපති හා ජනාධිපතිධුර අපේක්ෂක මහේෂ් සේනානායක මහතා අද (22දා) දහවල් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
සේනානායක මහතාගේ හිතවතෙකුගේ වාහනයකින් රෝහලට ගෙනෙනු ලැබූ අතර හදිසි ප්රතිකාර ඒකකයට ඇතුළත් කර ප්රතිකාර කරන බව රෝහල් ප්රකාශකයෙකු පැවැසීය.
බලංගොඩ නගරයේ පැවැති මැතිවරණ ප්රචාරක කටයුත්තක නියැලෙමින් සිටියදී ඔහු හදිසියේ රෝගාතුර වී තිබේ.