යුධ ජයග්‍රහණය පවුලක අයිතියට ගන්න ගියත් අවසානයේ සියල්ල හෙළිවුණා ! | Colombocall යුධ ජයග්‍රහණය පවුලක අයිතියට ගන්න ගියත් අවසානයේ සියල්ල හෙළිවුණා ! - Colombocall

Hot News

යුධ ජයග්‍රහණය පවුලක අයිතියට ගන්න ගියත් අවසානයේ සියල්ල හෙළිවුණා !




යුධ ජයග්‍රහණයේ ගෞරවය දස වසරක් පුරාවට රාජපක්ෂ පවුලේ ජයග්‍රහණයක් බවට ලියා ගන්නට උත්සහ කර බවත්, යුධ ජයග්‍රහණයෙන් පසු රාජපක්ෂ වරුන් ප්‍රමුඛතාවයද ලබා දුන්නේ තමන්ගේ පවුලටම බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (23) කැළණිය ප්‍රදේශයේදී පැවති ජන හමුවකදී ප්‍රකාශ කළේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා,

“රටක ජාතික ආරක්ෂාව තහවුරු කරන්න නම්,ඒ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා හොද නායකත්වයක් නිර්මාණය කළ යුතුයි. ජාතික ආරක්ෂණ ඉලක්ක සම්පුර්ණ කළ හැකි හොද කණ්ඩායමක් ඉන්න ඕන.ඒ සදහා දක්ෂතාවය හා කුසලතාවය තමයි තිබිය යුතු සුදුසුකම වෙන්නේ. තිස් වසරක යුද්ධය අපේ මාතෘ භුමියෙන් තුරන් කර,මේ රටේ පොදු ජනතාවට නිදහසේ හුස්ම ගැනීමේ අවස්ථාව උදාකර දීම පිළිබදව වසර දහයක් පුරාවට එවකට පාලකයින් ඒ ගරුත්වය සින්නක්කර ඔප්පුවකින් තනි පවුලකට ලියා ගන්න කටයුතු කළා. යුද ජයග්‍රාහණය කළා කියා ඔවුන් නොකරපු දෙයක් නැහැ. ගීත පවා නිර්මාණය කළා. කවි, චිත්‍රපට හැදුවා. හැම හන්දියකම කටවුට් ගැහුවා. රට දැය බේරගත් රණවිරුවන්ට නෙමෙයි ප්‍රමුඛතාවය දුන්නේ. තමන්ගේ පවුලට.මුලු වගකීම මුලු ප්‍රමුඛතාවයම පවුලේ සමාජිකයින් බෙදාගත්තා.

මම ඉතාම සමබරව,මධ්‍යස්ථව රටගැන හිතා සුදුස්සාට සුදුසු තැන ලබාදෙන ප්‍රතිපත්ති අනුගමනය කර කටයුතු කරන්නේ.අපේ රට තුළ ක්‍රියාත්මක වන ගජමිතුරු සබදතාමත තනතුරු බෙදාදීම, යාළු හිතවත්කම්, ඥාති හිතවත් කම් මත වගකීම් පවරා දීම කියන අධම නින්දිත සංස්කෘතියට මම නැවතීමේ තිත තියනවා.

තිස් වසරක යුධ සාපය රටින් ඉවත් කළ සැබෑ විරුවා වන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට, ඒ සුදුස්සාට අපි සුදුසුතැන ලබාදුන්නා. අපි අපේ පළමු ජන රුළියේදි තමයි එය ප්‍රකාශයට පත් කළේ. එය ප්‍රකාශ කර මසකටත් මත්තෙන් මගේ ප්‍රතිවාදියා මාධ්‍ය සාකජ්ජාවක් කැදව්වා.එහිදි විදේශ මාධ්‍ය වේදිනියක් රණ බිමේ අපේ රටේ යුධ හමුදාව ක්‍රියාකර ආකාරය ගැන ඇහුවා.එවිට මගේ ප්‍රතිවාදියා කිව්වේ මම නෙමෙයි යුධ හමුදාව පාලනය කළේ කියලා. මම එය කලෙත් නැහැ මගේ සහෝදරයා කළෙත් නැහැ කියලා ප්‍රකාශ කළා. රණවිරුවන්ව බිල්ලට දුන්නා. මේ අය තමයි රණවිරුවන් ගෙන යන විදුලි පුටු ගැන කතා කළේ, දංගෙඩි ගැන කතා කලේ.

රණවිරු පරපුර වෙනුවෙන් කිඔුල් කදුළු හලන්නේ. අද සත්‍ය ජනතාවට අවබෝධ වුණා. වසර දහයකට වැඩි කාලයක් අපේ පවුල තමයි යුද්ධය කලේ කිව්ව අයට හමුදාව මෙහෙය වුයේ එවක හමුදා පති සරත් ෆොන්සේකා මැතිතුමා කියලා කියන්න වුණා