නිදහස් පක්ෂය බලලෝභීන්ගෙන් බේරාගත යුතුයි
ශ්රී ලංකා නිදහස් පක්ෂය බලලෝභීන්ගෙන් හා අවස්ථාවාදීන්ගෙන් බේරාගත යුතු කාලය පැමිණ ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඇය පවසන්නේ පක්ෂය නිසි මගට ගෙන ඒම සදහා වූ සටන ආරම්භ කරන බවයි.
හිටපු ජනාධිපතිනිය විසින් ශ්රීලනිප සංවිධායිකා ධුරය දරන අත්නගල්ල ආසනය පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඉතා අඩු ඡන්ද ප්රමාණයක් ලබමින් 04 වන ස්ථානය දක්වා ඇද වැටුණා.
සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්රසිද්ධියට පත්කර ඇති ඇයගේ නිවේදනය පහතින්.