ජනපති මෛත්‍රී නිර්පාක්ෂික නොවී වේදිකාගත වෙයි ! | Colombocall ජනපති මෛත්‍රී නිර්පාක්ෂික නොවී වේදිකාගත වෙයි ! - Colombocall

Hot News

ජනපති මෛත්‍රී නිර්පාක්ෂික නොවී වේදිකාගත වෙයි !



ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ස්ථිර වශයෙන්ම නිර්පාක්ෂික දේශපාලනයෙන් මිදී ඒක පාර්ශවීය දේශපාලන වේදිකාවලට ගොඩවීමට තීරණය කර ඇත.

ජපන් සංචාරය නිමා කරමින් එතුමා  28 වැනිදා ලංකාවට පැමිණීමට නියමිත අතර පැමිණීමෙන් පසු ක්‍රියාකාරී දේශපාලනයට ජනාධිපතිතුමා පිවිසෙන අතර ස්ථීර වශයෙන්ම අදාල දේශපාලන කණ්ඩායම ජනාධිපති මැතිවරණයෙන් ජයග්‍රහණය කරවීම සඳහා මැතිවරණ වේදිකාව මෙහෙයවන බව එතුමා ලගම සමීපතමයන් කිහිපදෙනකුට සඳහන් කර තිබෙනවා.

දෙස් විදෙස් බුද්ධි අංශ වාර්තා කිහිපයක් ජනාධිපතිතුමාට ලැබී තිබෙන අතර මෙම සියලු කාරණා සැලකිල්ලට ගනිමින් අදාළ මැතිවරණ වේදිකාව ජනාධිපතිවරයා විසින් මේ වනවිටත් තීන්දු කර අවසන් නැති බව අදාළ ප්‍රකාශය අපවෙත සඳහන් කරන ලදී.

මේ අනුව ඉදිරියේදී දේශපාලන වේදිකාව උඩු යටිකුරු කරමින් ජනාධිපති මැතිවරණ සටනේ මැතිවරණ වේදිකාව තුළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දැක ගැනීමට හැකි වනු ඇති බව ස්ථිර වශයෙන්ම අ දාළ ප්‍රකාශකයා අප වෙත සදහන් කරන ලදී