පාස්කු ප්‍රහාරය ගැන කියවමින් වාසි ගැනීමට එන දේශපාලකයන්ට කිතුණු ජනතා සහයෝගය දෙන්න එපා ! | Colombocall පාස්කු ප්‍රහාරය ගැන කියවමින් වාසි ගැනීමට එන දේශපාලකයන්ට කිතුණු ජනතා සහයෝගය දෙන්න එපා ! - Colombocall

Hot News

පාස්කු ප්‍රහාරය ගැන කියවමින් වාසි ගැනීමට එන දේශපාලකයන්ට කිතුණු ජනතා සහයෝගය දෙන්න එපා !







පාස්කු දා සිදුවීම යොදාගෙන එළැඹෙන ජනාධිපතිවරණයට වාසි ලබා ගැනීමට යමෙක් උත්සහ කරයි නම් එයට දායක නොවීම කිතුණුවන්ගේ වගකීමක් බව ලංකා සභාවේ කුරුණෑගල දියෝකීසයේ රදගුරු වන කීර්තිසිරි ප්‍රනාන්දු හිමියන් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම පණිවිඩය මෙසේය.

2019 පාස්කු දින අන්තවාදී කණ්ඩායමක් කිතුණුවෝ සිය ගණනක් අමු අමුවේ දේවස්ථාන තුළ නැති කරන ලදී. මෙම සිදුවීම කිසිවෙකුට සාධාරණීය කළ නොහැකිය.

දැන් කිතුණුවෝ කළ යුත්තේ කුමක්ද..?

පළමුව මෙවැනි සිදුවීම් වැළැක්වීමට සහ මේවා සිදු කළ අය නීතිය හමුවට ගෙන ඒමට සෑම ක්‍රියාමාර්ගයක්ම ගත යුතුය. එහෙත් මෙය අප කළ යුත්තේ ද්වේශ සහගතව නොවේ. එමෙන්ම එළඹෙන ජනාධිපතිවරණයට මෙම සිදුවීමෙන් යමෙක් වාසි ලබා ගැනීමට උත්සාහ කරන්නේ නම් කිතුණුවන් හැටියට එයට දායක නොවීම අපේ වගකීමයි.

මේවා සිදු කළ අයගේ අරමුණ වන්නේ ද්වේශය සහ වෛරය පතුරවමින් ජන ජීවිතය අවුල් කරමින්. ඔවුන්ගේ බල ආධිපත්‍ය තහවුරු කර ගැනීමයි. මෙහිදී ජේසුස් වහන්සේ වදාළ ලෙස අප පරවියන් සේ අහිංසකවත් සර්පයන්සේ ඥාණවන්තවත් සිටිය යුතුය.

ජේසුස් වහන්සේ අප කැඳවුයේ අසල්වැසියාට ප්‍රේම කිරීමට පමණක් නොව සතුරන්ටද ප්‍රේම කිරීමටය. මෙය ක්ෂණිකව විග්‍රහ කිරීමේදී බොහෝ දෙනෙකුට නිවටකමක් සේ පෙනුණත් දීර්ඝකාලීනව සතුරුකම් නැසීමට ඇති සාර්ථක අවිය මෙය බව ජේසුස්
වහන්සේ කුරුසිය මත සමස්ත ලෝකවාසීන්ට පසක් කරන ලදී.