අධිකරණයෙන් ගෝඨා ජයගනී ! විදෙස් ගතවීමට අවසර | Colombocall අධිකරණයෙන් ගෝඨා ජයගනී ! විදෙස් ගතවීමට අවසර - Colombocall

Hot News

අධිකරණයෙන් ගෝඨා ජයගනී ! විදෙස් ගතවීමට අවසර





හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශ ගත වීමට අධිකරණයෙන් මීට ස්වල්ප මොහොතකට පෙර අවසර හිමි වුනා.

ඒ අනුව ඒ මහතා ඉල්ලා තිබූ අයුරින් මේ මස 09 වැනිදා සිට 12 වැනිදා අතර කාලය තුළ විදේශ ගත වීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ අනුව අවසර හිමි විය.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට ඔහුගේ විදේශ ගමන් බලපත්‍රයද ඔහු වෙත මුදාහැරීමට අධිකරණය අද නියෝග කළා.

ඒ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බැවින් ඔහුට නාමයෝජනා භාර දීමට විදේශ ගමන් බලපත්‍රය මුදාහරින ලෙසට විත්ති පාර්ශ්වයේ නීතිඥවරයා ඉල්ලා සිටීම සමගයි. මෙම ඉල්ලීමට විරුද්ධ නොවන බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නා.