සේරුවාවිල යකඩ - තඹ නිධියෙන් රත්තරං මතුවෙයි | Colombocall සේරුවාවිල යකඩ - තඹ නිධියෙන් රත්තරං මතුවෙයි - Colombocall

Hot News

සේරුවාවිල යකඩ - තඹ නිධියෙන් රත්තරං මතුවෙයි





සේරුවිල යකඩ - තඹ නිධියෙහි රත්තරන් තිබෙන බව තහවුරු වී ඇති බව භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සී.එච්.ඊ.ආර් සිරිවර්ධන මහතා ප්‍රකාශ කරනවා.

සේරුවිලට ආසන්නයේ අරිප්පු, කොල්ලකුලම් - සී ප‍්‍රදේශ ආවරණය කරමින් වර්ග කිලෝමීටර 100ක පමණ භූමියක උප පෘෂ්ඨයෙහි මෙම නිධිය පිහිටා තිබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එසේම පෘථීවි පෘෂ්ඨයෙහි මුළු කොටස් බිලියනයකට රත්තරන් කොටස් 4ක් පමණ වුවත් සේරුවිල නිධියෙන් ලබාගත් සමහර සාම්වලවල මුළු කොටස් බිලියනයකට රත්තරන් කොටස් 1000 ඉක්මවා පවතින බව ද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළ අතර එහි තවත් සාම්පලවල මුළු කොටස් බිලියනයකට රත්තරන් කොටස් 60 - 200 අතර ප‍්‍රමාණයන්ගෙන් පවතින බව ද ආචාර්ය සිරිවර්ධන මහතා ප්‍රකාශ කළා.

මෙසේ පවතින රත්තරන් මගින් නිධියට නව ආර්ථික වටිනාකමක් එක්වන බැවින් එය ලාභදායී ලෙස බහු මූලද්‍රව්‍ය උකහා ගත හැකි නිධියක් දැයි සොයාබැලීම සිදුකරන බව ද ඔහු ප්‍රකාශ කළා.

එසේම ශී‍්‍ර ලංකා භූමියෙන් රත්තරන් හමුවීම රටක් වශයෙන් අප සැමට සතුටු විය හැකි භාග්‍යවත් අවස්ථාවක් බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා ප්‍රකාශ කළා.භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට අයත් ගම්පහ පාරවිදුම් පර්යේෂණ ගබඩා සංකීර්ණයේදී පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන්  වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙලෙස ප්‍රකාශ කළා.

මෙය අපි හැමෝටම සතුටු විය හැකි කාරණයක්. ලොව වටිනාම ලෝහයක් අපේ පොළොවෙන් ලැබීම අප ලැබූ භාග්‍යයක්. මේ හරහා අපේ රටට ආයෝජකයන් පැමිණෙනවා. රටක් දියුණු වීමට එවැනි ආයෝජන අත්‍යවශ්‍ය යුගයකදී අපේ බිමෙන් මතු වුණ මේ රත්තරන් සුරක්ෂිත ආයෝජනයකට යෙදවීම අප සැමගේ වගකීමක්.

පෘතුවි පෘෂ්ඨයෙහි සාමාන්‍ය වශයෙන් රත්තරන් පවතිනුයේ මුළු කොටස් බිලියනයකට රත‍්‍රං කොටස් 04 ක්.  සේරුවිල නිධියෙන් ලබාගත් සමහර සාම්පලවල රත්තරන් 100 චචය ඉක්මවා පවතින අතර තවත් සාම්පල රත‍්‍රං 60 - 200 චචය ප‍්‍රමාණයන්ගෙන් පවතිනවා. මෙසේ පවතින රත‍්‍රං මගින් නිධියට නව ආර්ථික අගයක් එක්වන බැවින් එය ආර්ථික වශෙයෙන් ලාභදායක ලෙස බහු මූලද්‍රව්‍ය උකහා ගත හැකි නිධියක් දැයි නැවත විමසා බැලීම වටිනවා.

ඒ සඳහා තවත් සාම්පල විශාල සංඛ්‍යාවක් රත්තරන්, පැලේඩියම්, ප්ලැටිනම් වැනි අනිකුත් වටිනා මූලද්‍රව්‍ය සඳහා විශ්ලේෂණය කළ යුතු අතර එමගින් ධනාත්මක ප‍්‍රතිඵල ලැබුණහොත් එය මෙම නිධිය සංවර්ධනය සඳහා ආයෝජකයන් ආකර්ෂණය වීමට මහත් රුකුලක් වනවා.