පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කාරක සභා වාර්තාව ජනපති ප්‍රතික්ෂේප කරයි | Colombocall පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කාරක සභා වාර්තාව ජනපති ප්‍රතික්ෂේප කරයි - Colombocall

Hot News

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කාරක සභා වාර්තාව ජනපති ප්‍රතික්ෂේප කරයි





පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව (PSC) විසින් සම්පාදනය කරන ලද වාර්තාව තමන් භාර නොගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (29) කැබිනට් මණ්ඩලයට පවසා ඇති බව වාර්තා වේ.
තේරීම් කාරක සභාව සිය වාර්තාව පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. රාජ්‍ය බුද්ධි අංශයේ සහ රජයේ නායකයින්ගේ අඩුපාඩුකම් හේතුවෙන් 250 කට අධික පිරිසක් ඝාතනය කළ ප්‍රහාරය වැළැක්වීමට පියවර ගැනීමට අපොහොසත් වී ඇති බව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් සොයා ගන්නා ලදී.
ජනාධිපති සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී තේරීම් කාරක සභා වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.
තමා මෙම වාර්තාව පිළිනොගන්නා බව පැවසූ ජනාධිපතිවරයා එය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇති පරිදි ඉදිරිපත් නොකරන ලෙස කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටි අතර ඒ වෙනුවට වාර්තාවේ ආරක්ෂක අක්‍රමිකතා ඉස්මතු කර ඇති ස්ථාන පිළිබඳව සොයා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.
බොහෝ කිතුණුවන්ව හානියට ලක් කරමින් ශ්‍රී ලාංකීය කිතුණුවන් තුල අවිශ්වාසය ජනිත කරමින් එල්ල කල ත්‍රස්ත ප්‍රහාරය පිලිබඳ වාර්තාව එලෙස පිළිනොගත් ජනාධිපතිවරයා ඊයේ සවස් වරුවේ මන්නාරම මඩු සිද්ධස්ථානය ආශ්‍රිත පෙදෙස පුජා භූමියක් බවට පත් කරමින් ගැසට් පත්‍රයකට අත්සන් තබන ලදී.