හරියටම දිනන කෙනා ගැන කීර්ති කියූ කතාව මෙන්න | Colombocall හරියටම දිනන කෙනා ගැන කීර්ති කියූ කතාව මෙන්න - Colombocall

Hot News

හරියටම දිනන කෙනා ගැන කීර්ති කියූ කතාව මෙන්න








සමීක්ෂණ වාර්තා අනුව ලංකා ඉතිහාසයේ වැඩිම පාවෙන ඡන්ද  සංඛ්‍යාවක් ඇති ජනාධිපතිවරණය බවට 2019 ජනාධිපතිවරණය පත් වී ඇති බවත්, පාවෙන ජන්දදායකයන්ට ඉලක්කගතව ආමන්ත්‍රණය කිරීම සඳහා මෙම ප්‍රධාන දේශාපාලන පක්ෂ දෙකට ඇති හැකියාව මත ජනාධිපතිවරණයේ ජයග්‍රහකයා හෝ පරාජිතයා තිරණය වන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා පවසනවා. ඊයේ (12) පස්වරුවේ හැටන් නගරයේ පැවති මාධ්‍යය හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මෙසේද ප්‍රකාශ කළා.

ප්‍රාදේශිය දේශපාලනයේ තියෙන විශේෂයෙන්ම ප්‍රාදේශිය සභාවක තියෙන තත්වය ජාතික මැතිවරණයකදි ඡන්ද දායකයන්ගේ හැසිරිමට සම්පාත වෙන්නේ නෑ. එ් නිසා ඇල්පිටිය මැතිවරණයේ ප්‍රතිඵලය සමස්ත මැතිවරණයක නිරූපනය කරනවා කියන කාරණයට එකග වෙන්න බැ, එය විශාල සාධක සංඛ්‍යාවක් එක්ක තමයි තිරණය වන්නේ.

බොහෝ දෙනා පුදුමයට පත් වෙනවා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය 12% ඉක්මවු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනිම ගැන, ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉහත මට්ටමේ නායකයින් එකතු විමෙන් පස්සේ තමයි ඇල්පිටිය ඡන්දය තිබ්බේ, ඇල්පිටිය ඡන්දය තියෙන කොට විවිධ ප්‍රචාර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන්ට අවාසිසහගත විදිහට එ් ප්‍රදේශයේ පතුරා තිබුණා. නමුත් එ සියළු තත්ත්වයන් හමුවේ 12% ඉක්මවු ඡන්ද ප්‍රතිශතයක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විසින් ලබාගෙන තිබුණා.

එ් නිසා හොඳින්ම පැහැදිලියි මේ මැතිවරණයේදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ භූමිකාව ඉතාමත් තීරණාත්මක වෙනවා කියලා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් හැටියට ගන්නා තිරණ වලට වඩා ප්‍රාදේශිය සභාවල ඉන්න ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සභිකයෝ , අපෙක්ෂකයෝ සහ ගම්වල ඉන්න ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන් මේ මැතිවරණයේදි ඉතාමත් තීරණාත්මක  සාධකයක් වෙන්න පුළුවන්.