මහින්ද ගත් ණයේ තරම ගැන විශේෂ හෙළිදරව්වක් !
අධික පොලියක් යටතේ ණය ගෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාව ණය ගැති රටක් බවට පත් කර ඇති බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ජනතාවගෙන් වැඩි බදු අය කිරීමට සිදුව ඇත්තේ මෙලෙස අධික පොලියක් යටතේ ණය ලබා ගැනීම නිසා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
මේ නිසා රට බංකොලොත් නොවී ඉදිරියට ගෙනයාමට රජය ලෙස විවිධ ක්‍රියාවන් කිරීමට සිදුව ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දේ.
එමෙන්ම අමාත්‍යවරයා සඳහන් කරන්නේ ලංකාව 2019 දී ඩොලර් මිලියන 4500ක් විදේශ ණයක් ගෙවීමට නියමිත නමුත් එයින් 70% හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් ණය බවයි.