ත්‍රස්තවාදය මෙන්ම කුඩු ව්‍යාපාරය අවසන් කරනවා ! | Colombocall ත්‍රස්තවාදය මෙන්ම කුඩු ව්‍යාපාරය අවසන් කරනවා ! - Colombocall

Hot News

ත්‍රස්තවාදය මෙන්ම කුඩු ව්‍යාපාරය අවසන් කරනවා !



තමන් බලයට පැමිණි පසු ත්‍රස්තවාදය මෙන්ම කුඩු ව්‍යාපාරය අවසන් කරන බව ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා.

ඒ සඳහා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ සහය ලබා ගන්නා බවත් ඒ මහතා ප්‍රකාශ කළා. ඊයේ දින පැවැති ජන රැළියක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා

"ත්‍රස්තවාදය විනාශ කරනවා වගේම කුඩු වෙළදාමත් අපේ රටෙන් තුරන් කරනවා, ලංකාවේ හැම දිස්ත්‍රික්කයකටම පළවෙනි වටයේ චෛත්‍ය 25යි, දෙවන වටයේ චෛත්‍ය 100යි, තුන්වෙනි වටයේ දිස්ත්‍රික්කයකට හතලිහ ගානේ චෛත්‍ය දාහයි. චෛත්‍ය 1125ක් ගොඩනගනවා" යනුවෙන් ප්‍රකාශ කළා.