තරුණ කාන්තාවක් අපයෝජනය කිරීමට ගිය වෛද්‍යවරයා මාට්ටු ! | Colombocall තරුණ කාන්තාවක් අපයෝජනය කිරීමට ගිය වෛද්‍යවරයා මාට්ටු ! - Colombocall

Hot News

තරුණ කාන්තාවක් අපයෝජනය කිරීමට ගිය වෛද්‍යවරයා මාට්ටු !




හෝමාගම ගොඩගම අතුරු මාර්ගයකදී කාන්තාවක අපයෝජනය  කිරීමට උත්සහ කළ බව කියන කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසනවා.

සිද්ධියට මුහුණ පෑ කාන්තාව සිය දරුවා සමඟ එම පාලු මාර්ගය ඔස්සේ සිය නිවස වෙත පැමිණෙමින් සිටියදී මෝටර් රථයකින් පැමිණ තිබූ සැකකාර වෛද්‍යවරයා කැලෑබද ප්‍රදේශයකදී එම කාන්තාවට හිරහැර කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ.

එම අවස්ථාවේදී අදාල කාන්තාවගේ කෑ ගැසීමත් සමඟ සැකකාරු වෛද්‍යවරයා පලාගොස් ඇති අතර පසුව කාන්තාව එම සිද්ධියට සිය සැමියාට පවසා තිබෙනවා. ඒ අනුව එම කාන්තාවගේ සැමියා සැකකාර වෛද්‍යවරයාගේ නිවස සොයා ගොස් ඇති අතර එම අවස්ථාවේදී මෝටර් රථයෙන් පැමිණි  වෛද්‍යවරයාට ඔහු විසින් පහර දී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ.

එහිදී පහර කෑමට ලක්වූ  වෛද්‍යවරයා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ ඇති අතර  කාන්තාවද එම රෝහලටම ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එසේම පහර කෑමට ලක්වූ වෛද්‍යවරයා ගොඩගම ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක්  පවත්වාගෙන යන අයෙකු බවද පොලිසිය සඳහන් කළා.