සජිත් අනුර පැමිණි මහජන වේදිකාවට ගෝඨා නොපැමිණෙයි ! | Colombocall සජිත් අනුර පැමිණි මහජන වේදිකාවට ගෝඨා නොපැමිණෙයි ! - Colombocall

Hot News

සජිත් අනුර පැමිණි මහජන වේදිකාවට ගෝඨා නොපැමිණෙයි !





එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත අපේක්ෂකයින් සහභාගී වූ විවෘත සංවාදයක් ඊයේ (05) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

‘ජනාධිපතිවරණය 2019 – මහජන වේදිකාව’ ලෙස නම් කර ඇති එය මාර්තු 12 ව්‍යාපාරය සහ ඒෆ්‍රියෙල් යෞවන ජාලය එක්ව සංවිධානය කරනු ලැබුවා.

මෙම අවස්ථාවට එජාපය නියෝජනය කරමින් සජිත් ප්‍රේමදාස, ජවිපෙ නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක සහ තවත් අපේක්ෂකයින් කිහිප දෙනෙක් සහභාගී වී සිටි යා.

නමුත් මේ සඳහා පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් එහි අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පැමිණියේ නැහැ.