සජිත්ගේ ආණ්ඩුව යටතේ ත්‍රස්තවාදීන්ට මරණ දඬුවම ! | Colombocall සජිත්ගේ ආණ්ඩුව යටතේ ත්‍රස්තවාදීන්ට මරණ දඬුවම ! - Colombocall

Hot News

සජිත්ගේ ආණ්ඩුව යටතේ ත්‍රස්තවාදීන්ට මරණ දඬුවම !







ත්‍රස්තවාදී කටයුතුවල නිරත වන සියලු දෙනාට මරණ දඩුවම ලබා දෙන පනතක් තම පාලන කාලය තුල ගෙන එන බව ජනාධිපති ධුර අපේක්ෂක  සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේ  ඊයේ (19) සවස අකුරණ නගරයේ පැවැති ජනාධිපතිවරණ  ප්‍රචාරක රැළියකට එක්වෙමින්

එසේම අපේ රටේ කිසිදු ත්‍රස්තවාදයකට ඉඩක්  නොමැති බවත්, ජාති ආගම් කුල මල පන්ති බේදවලින් තොරව කිසිම අවස්ථාවක කිසිම අයුරකින් අපි අපේ මාතෘ භූමියේ ත්‍රස්තවාදයට ඉඩ  නොදෙන බවත් ප්‍රකාශ කල සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් මෙලෙස ප්‍රකාශ කළා.

 අපි ත්‍රස්තවාදය විනාශ කරනවා. අපි ත්‍රස්තවාදය තුරන් කරනවා .හැබැයි ත්‍රස්තවාදය තුරන් කරනව කියන්නේ ආගම් විනාශ කරන එක නෙවෙයි.  ආගමික සිද්ධස්ථාන විනාශ කරන එක නෙවෙයි. ජාතින් විනාශ කරන එක නෙවෙයි. ආගම් විනාශ කරන එක නෙවෙයි .ජාතිවාදය ආගම් වාදව අවුස්සලා රට ගිනි තියන  එකද  දේශප්‍රේමය කියන්නේ.

බුදුන් වහන්සේ හැම විටම දේශණා කළේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා  කියලයි .මේ රටේ ත්‍රස්තවාදී ක්‍රියාදාමයන් සහ මුලින්ම විනාශ කරන්නට මම නිදහස ලබා දිල තියෙනවා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමාට. ත්‍රස්තවාදීන්ට අපේ රටේ තැනක් නෑ .අපි අලුතින්  අණ පනත්  ගේන්න ලෑස්ති වෙනවා  ත්‍රස්තවාදී ක්‍රියාවල නිරතවන ජාති ආගම් පක්ෂ පන්ති කුල මල බේදවලින් තොරව ත්‍රස්තවාදී ක්‍රියාවල නිරතවන  සියලු දෙනාටම තදින් පියවර ගෙන   මරණිය දණ්ඩනය ලබා  දෙන්න කටයුතු කරනවා. 

අපේ රට සොඳුරු රටක්.අපේ රට තුල සොඳුරු  රාජ්‍ය පාලනයක්  ක්‍රියාත්මක කරන්න ඕන. නමුත් යම් කිසි කොට්ඨාසයක් උත්සාහ කරනවානම් ජන්ද බලයෙන්  තොරව සිය දිවි නසා ගෙන ජීවිත සහ දේපළ විනාශ කරන්න කවුරු හරි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක්  උත්සාහ කරනවානම් ඒවාට සම්බන්ධ වන ඒවාට අනුබල දෙන ඒ කිසිවතුට අපේ සමාජයේ ජීවත්වන්න කිසිදු හැකියාවක් නෑ.

ඒ නිසා ත්‍රස්තවාදය තුරන් කිරීමේ ස්ථාවරයේ අපි දැඩි ව සිටිනවා. ත්‍රස්තවාදය විනාශ කරන ගමන් අපේ මාතෘ භූමියේ ජාති බේදයට ආගම්  බේදයට මේ  ප්‍රේමදාසගේ පුතා ඉඩ දෙන්නේ නෑ"