සජිත් මෛත්‍රී අතර ජනාධිපතිවරණය වෙනුවෙන් සාකච්ඡාවක් ! | Colombocall සජිත් මෛත්‍රී අතර ජනාධිපතිවරණය වෙනුවෙන් සාකච්ඡාවක් ! - Colombocall

Hot News

සජිත් මෛත්‍රී අතර ජනාධිපතිවරණය වෙනුවෙන් සාකච්ඡාවක් !






ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර හමුවක් ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වුනා.

මෙම හමුව සදහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, අමාත්‍ය අකිල විරාජ කාරියවසම් සහ අමාත්‍ය කබීර් හෂිම් එක්ව ඇති බවයි වාර්තා වුනේ.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස ගේ ඉල්ලීම පරිදි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ කාරියවසම් විසින් පසුගියදා ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කරමින් ලිපියක් යොමු කරනු ලැබූ අතර එම ලිපිය තමන්ට ලැබුණු බව පසුගියදා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ද මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැමැත්ත පළකර තිබූ අතර ඒ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර මෙම හමුව පැවැත්වෙන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සන්ධානය සම්බන්ධයෙන් වන ලකුණ සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අතරද විශේෂ සාකච්ජාවක් පැවති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

ජනාධිපතිවරයා ගේ මළලසේකර මාවතේ පිහිටි නිල නිවසේදී පැවති මෙම සාකච්ජාව පැයකට ආසන්න කාලයක් පැවති බව වාර්තා වන අතර මෙම සාකච්ජාව සඳහා ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ පමණක් එක්ව තිබීම විශේෂත්වයක්.