ගෝඨාභය රාජපක්ෂ මාධ්‍ය හමුවට නොපැමිණෙයි | Colombocall ගෝඨාභය රාජපක්ෂ මාධ්‍ය හමුවට නොපැමිණෙයි - Colombocall

Hot News

ගෝඨාභය රාජපක්ෂ මාධ්‍ය හමුවට නොපැමිණෙයි





කොළඹ පදනම් ආයතනයේදී අද පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා එක්වන මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතව තිබුණත් ඔවුන් දෙදෙනාම එම මාධ්‍ය හමුවට එක්නොවන බව විපක්ෂනායක මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.

ඊයේ දහවල් මුලින්ම ඔවුන් දෙදෙනා එක්වන බවට සඳහන් කළත් පසුව නැවතත් විද්‍යුත් තැපෑලෙන් දැක්වූයේ ඔවුන් දෙදෙනා මාධ්‍ය හමුවට එක්නොවන බවයි.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්වීමට නියමිත බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.