මගේ පාලනයකදී ආරක්ෂක ඇමතිකම දෙන්නේ ෆීල්ඩ්මාර්ෂල් ෆොන්සේකටයි..! – සජිත් ප්‍රේමදාස | Colombocall මගේ පාලනයකදී ආරක්ෂක ඇමතිකම දෙන්නේ ෆීල්ඩ්මාර්ෂල් ෆොන්සේකටයි..! – සජිත් ප්‍රේමදාස - Colombocall

Hot News

මගේ පාලනයකදී ආරක්ෂක ඇමතිකම දෙන්නේ ෆීල්ඩ්මාර්ෂල් ෆොන්සේකටයි..! – සජිත් ප්‍රේමදාස

Image result for sajith premadasa






සිය රජයකදී හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂාව සම්බන්ධයෙන් ඉහළ වගකීම පවරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කලා.

තමන්ගේ ආණ්ඩුවකින් රටේ ජාතික ආරක්ෂාව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට භාර දෙන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ගාලු මුවදොර පැවැත්වෙන ජන රැළිය අමතමින් ඔහු මේ බව පැවැසීය.

“ජාතික ආරක්ෂාව තහවුරු කරන්නට නම් ජාතික ආරක්ෂාවේ වගකීම දෙන්න ඕන සෝබන කාරයන්ට නෙමෙයි රණවිරුවන්ගේ කරපිටින් ආපු සරත් ෆොන්සේකා මහතාට ජාතික ආරක්ෂාවේ ඉහළම වගකීම භාර දෙනවා.”

සජිත් ශ්‍රීමුඛ කතාවට ප්‍රසිද්ධියේම සමාව ගනියි..!
එමෙන්ම මෙහිදී තමාගෙන් ප්‍රකාශ වුණ ‘ශ්‍රී මුඛ’ වචනයට තමන් සමාව ඉල්ලා සිටින බව අමාත්‍ය සජිත් ‍ ප්‍රේමදාස මහතා පවසයි.

කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මංගල රැළිය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

” පොදු ජනතාවගෙන් සමාව ඉල්ලන්න සජිත් පැකිලෙන්නේ නෑ” යැයි ඔහු ප්‍රකාශ කළේය.