මට්ටක්කුළියේ බෝම්බ බිය ගැන විස්තරය මෙන්න | Colombocall මට්ටක්කුළියේ බෝම්බ බිය ගැන විස්තරය මෙන්න - Colombocall

Hot News

මට්ටක්කුළියේ බෝම්බ බිය ගැන විස්තරය මෙන්න




මට්ටක්කුලිය පොලිස් වසමේ ක්‍රිස්තියානි පල්ලියක් සහ ඊට යාබදව ඇති පාසලක් අසළ සැකකටයුතු වාහනයක් තිබෙන බවට මට්ටක්කුලිය පොලිස් ස්ථානයට තොරතුරක් ලැබීමෙන් අනතුරුව ඒ පිළිබඳව පරීක්ෂා කළ බව පොලිසිය සඳහන් කළා.

සුඛෝපභෝගී මෝටර් රථයක් මෙලෙස ඊයේ (15) රාත්‍රියේ කාර්මික දෝෂයකට ලක්ව අයිතිකරු විසින් එම ස්ථානයේ තබා ගොස් ඇති බවයි එහිදී අනාවරණය වී ඇත්තේ.

අද (16) උදෑසන පාසලට ශිෂ්‍යයින් පැමිණෙන අවස්ථාවේදී එය දැක ශිෂ්‍යයින් සහ දෙමාපියන් කලබලයකට පත්ව තිබෙනවා. මේ වන විට  එම වාහනයේ අයිතිකරුද එම ස්ථානයට පැමිණ ඇති අතර මේ පිළිබඳ නොයෙකුත් අසත්‍ය ප්‍රචාර පැතිරෙමින් ඇති බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.

එහි කිසිම සැක කටයුතු තත්ත්වයක් නොමැති බවයි පොලිසිය වැඩි දුරටත් අවධාරණය කරන්නේ.