රට භාරගන්නේ අළුත්ම කණ්ඩායමක් ! දූෂිතයො නෑ | Colombocall රට භාරගන්නේ අළුත්ම කණ්ඩායමක් ! දූෂිතයො නෑ - Colombocall

Hot News

රට භාරගන්නේ අළුත්ම කණ්ඩායමක් ! දූෂිතයො නෑ




ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ආරම්භ කරන නව ගමනට දූෂිතයින් කිසිසේත් සම්බන්ධ කර නොගන්නා බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ වැල්ලවාය නගරයේ  පැවති ජන රැළියක් අමතමින්.

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රජමහා විහාරස්ථානය වෙත ඊයේ සන්ධ්‍යාවේ පැමිණි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කිරිවෙහෙර රජමහ විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් බැහැදුටුවේය.

අනතුරුව කිරිවෙහෙර අභියසදී ආගමික වතාත්වලට එක්වූ සජිත් ප්‍රේමදාස මහතාට මහාසංඝරත්නය ආශිර්වාදය පළ කළේය.  රුහුණු කතරගම මහා දේවාලයට පැමිණි සජිත් ප්‍රේමදාස මහතා එහිදී දේවාශිර්වාදය ලබාගත්තේය.

මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගිත්වයෙන් පවත්වනු ලබන ප්‍රාදේශීය ජනරැලි මාලාවේ පළමු ජනරැලිය අද සංවිධාන කර තිබුණේ වැල්ලවාය නගරයේදීයී.

එහිදී අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවසීය.

“මේ රටේ හැම පවුලක්ම මම ගොඩනඟනවා, මට වෙන රාජකාරි නෑ. පවුලේ සාමාජිකයින් රැක බලා ගැනීම මගේ වගකීම නෙවෙයි. මට රැකගන්න පවුල් පරපුරක් නෑ. මගේ ඥාති පරපුර මේ රටේ ජීවත් වන සියලුම ජනතාවයි. රටේ හැම ප්‍රශ්නයක් ගැනම ජනාධිපතිවරයා දැනුවත් වෙලා 24 පැයම 365 දවසම නොනිදන ජනාධිපති ලේකම් කාර්යාලයක් නිර්මාණය කරලා, ෂිෆ්ට් ක්‍රමයට දිවා කාලයේ වැඩ කරන්න, රාත්‍රි කාලයේ වැඩ කරන්න වැඩපිළිවෙලක් සකස් කරලා ශක්තිමත් ජනතා සේවාවක් ඉටු කරන්න මම දිවි හිමියෙන් කැපවෙනවා. සමහරු හිතනවා ඇති 19 වන සංශෝධනයෙන් පස්සේ ජනාධිපති කියන්නේ නිකන්ම නිකන් පඹයෙක් කියලා.

පඹ ගාල පැටලෙන්න සජිත් ප්‍රේමදාස ලෑස්ති නෑ. ජයග්‍රහණයෙන් පස්සේ අපි යන්නේ අලුත් ගමනක්. ගාට ගාට යන ගමන නෙවේ. හැමෝම ලෑස්ති වෙන්න ඕනෙ මගේ වේගෙට වැඩ කරන්න.හැමෝම ලෑස්ති වෙන්න ඕනෙ කැප කරන්න. අපි අළුත් කණ්ඩායමක් නිර්මාණය කරලා දක්ෂයොන්ට තැන දෙනවා.